කිරි වෙහෙර යනු, මහසෙන් රජ විසින් තැනුණු සහ ශ්‍රී ලංකාවේ කතරගම පිහිටි, පුරාතන ස්ථූපයකි. අඩි 95 ක උසකින් යුතු එය අඩි 280 ක වට ප්‍රමාණයකින් යුතුය. මෙම ගොඩනැගිල්ල බොහෝ දුරට ක්‍රි.පූ. 3 වන සියවස තරම් පැරණි වෙයි

ඉතිහාස

ජනප්‍රවාදයන්ට අනුව ක්‍රි.පූ. 580දී බුදුන්වහන්සේගේ තුන්වන සහ අවසන් ලංකාගමනයේදී කතරගම ප්‍රදේශය හෝ කතරගම උද්‍යානය පාලනය කළ මහාසේන නම් රජ මුණගැසුණු බව විශ්වාස කෙරේ. එහි කියවෙන පරිදි මහාසේන (රජු) බුදුන්වහන්සේ මුණගැසී බුද්ධ දේශනාවට සවන්දී ඊට කළගුණ සැලකීමේ සංකේතයක් ලෙස දාගැබ ඉදිකල බවයි. මෙලෙස මෙරට සිංහල බෞද්ධයන් කතරගම බුදුන්වහන්සේගේ පහසින් ග්පවිත්‍රත්යට පත්වූ බව විශ්වාස කරනු ලබති. දැනට හමුවී ඇති පුරාවිද්‍යා සාක්ෂි වලට අනුව පිළිගන්නා පරිදි "කිරි වෙහෙර" ක්‍රි.පූ. 1 වන සියවසේදී පමණ ඉදිකර අති අතර පසුව මහාසේන රජතුමා විසින් දැනට පවතින තත්වයට ප්‍රතිසංස්කරණය කොට ඇත. මෙම ප්‍රදේශයේ විශාල වශයෙන් නටබුන් පවතින අතර ශිලා ලේඛනද හමු වී ඇත.

Comments