Days of the week in three languages සතියේ දවස් භාෂා තුනකින්


දේදුනු පාරාදීසය


සතියේ දින වලට නම් යෙදුන හැටි

01.ඉරිදා  - Sunday    
02.සඳුදා     -Monday    
03.අඟහරුවාදා   -Tuesday  
04.බදාදා   -Wednesday
05.බ්‍රහස්පතින්ද -Thursday   
06.සිකුරාදා      -Friday   
07.සෙනසුරාදා   -Saturday


01. ඉරිදා (Sunday)
      සුර්යයා ට ගෞරවයක් වශයෙන් මේ නම ලැබී ඇත.

02. සඳුදා (Monday)

MONDAY (මන්ඩේ) යන නම බිඳී ඇවිත් ඇත්තේ මුන්ඩේ (MOONDAY) යන්නෙනි. රෝමවරු සඳුදා නම් කර තිබුණේ MOONDAY යනුවෙනි. ඒ සඳු

වෙනුවෙනි. සිංහලෙන් ද එය නම් කර ඇත්තේ සඳුගේ දිනය සඳුදා    යනුවෙනි.

03. අඟහරුවාදා (Tuesday)
අඟහරුවාදා යන නම TUE (ටියු) යනුවෙන් හැඳින්වෙන යුද්ධකාමී දෙවියා හැඳින්වීමටය. මේ දෙවියා පොළව මත කිසියම් සෙබළෙකු මළ කල සිය දෙවඟනන් දෙදෙනා සමඟ විත් ඔහුට ගෞරව දක්වන බව කියවේ.


04.  බදාදා (Wednesday)
බුධ ග්‍රහලොව වෙනුවෙන් බදාදා යන නම තබා ඇත. එහෙත් WEDNESDAY යනුවෙන් හඳුන්වන්නේ WODEN නම් ග්‍රීක දෙවියාට ගරු කිරීමක් ලෙසය.

05. බ්‍රහස්පතින්දා (Thursday)
බ්‍රහස්පති ග්‍රහලොවට උපහාර පිණිස මේ නම ලැබී ඇත. එසේම තෝර් නම් දෙවියාට උපහාර පිණිසත් තර්ස්ඩේ යන නම වැටුණු බව සඳහන් වේ.

06. සිකුරාදා (Friday)

Frigi (ෆ්‍රිජී) නම් ග්‍රීක දෙවඟනට උපහාර ලෙස Friday (සිකුරාදා) යනුවෙන් මේ දිනය නම් කර ඇත.

07. සෙනසුරාදා (Saturday)

සෙනසුරු ග්‍රහ ලොවට උපහාර පිණිස මේ දිනය නම් කර ඇත්තේ සෙනසුරු ග්‍රහයාට ඇති බිය නිසා සෙනසුරාදා ලෙස නම් කළ බවද කියවේ.



Comments