ශ්‍රී පාද ස්ථානය


 ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ පිහිටි ප්‍රධාන කඳුවැටියක් වන "සමනල කන්ද" කේතු හැඩැති කන්දකි. උච්චතම ස්ථානයේ උස මීටර 2215 කි. සිරිපා අඩවියේ භූමි ප්‍රමාණය හෙක්ටයාර 22380 ක් පමණ වේ. සිරිපා අඩවිය 1940 ඔක්තෝබර් 25 වැනිදා අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. ශ්‍රී ලංකාවේ තෙවන උසම කන්දයි. රත්නපුරය හා නුවරඑළිය යන දිසාවන්ට මැදිව පිහිටා තිබේ. මෙම පූජනීය ස්ථානය සිංහල බෞද්ධයන්ගේ වසර 2500 කට අධික ලිඛීත ඉතිහාස කතා ප්‍රවෘර්තින් තුල මේ පිළිබදව මනාව සදහන් වේ.


සමනල අඩවියේ වාර්ෂික වර්ෂාපතන සාමාන්‍ය මිලිමීටර් 5000 කි. වසරේ මාස හයක්‌ පුරාවට ඉතා හොඳ වර්ෂාපතනයක්‌ මෙහි පවතී. නිරිතදිග මෝසම පවතින මැයි - ජුනි - ජුලි මාසවලදී වැඩිම වර්ෂාපතනය සමනල අඩවියට ලැබේ. දෙසැම්බර් - ජනවාරි - පෙබරවාරි දක්‌වා ලැබෙන ඊසාන දිග මෝසමේදී ලැබෙන වර්ෂාපතනය ඉතා අඩුය. එබැවින් කාලගුණික බාධා මෙම සමයේදී අවම බැවින් ශ්‍රීපාද වන්දනා සමය උඳුවප් පොහොයෙන් ආරම්භව වෙසක්‌ පොහොය දක්‌වා පවතී. නිරිතදිග මෝසම් සමයේදී ගණ, තද මිහිදුම් පතනයක්‌ද සමනල අඩවියට තිබේ. මෙනිසා මෙම සමයේදී අධික සීත දේශගුණයක්‌ සමනල අඩවියෙන් හා ශ්‍රීපාද මළුවෙන් වාර්තාවේ. මෙහි වාර්ෂික උෂ්ණත්ව සාමාන්‍ය සෙන්ටි්‍රග්‍රේඩ් අංශක 15 කි. එහෙත් මැයි - ජුනි - ජූලි සමයේදී අංශක - 5-10 දක්‌වා වුවද උෂ්ණත්වය පහළ බැසිය හැකිය.

පාරසරික හා වන ජීවීන්

ලංකාවෙහි නොඉඳුල් කඳුකර වැසි වනාන්තරය, පිවිසු‌ම් අපහසුතාව හේතුවෙන් වාණිජකරණයට ලක් වී‍මෙන් ආරක්ෂා විය. මෙය ‍ජෛවගෝල රක්ෂිතයක් ‌‍ලෙස ද, ‍ලෝක උරුමයක් ‍ලෙස ද නම්‍‍‍ කොට තිබීම ඒ සඳහා තවත් හේතුවක් විය. ‌

රක්ෂිතයේ ශාක විශේෂ මෙන් ම කෘමීන්, උභයජීවීන්, උරඟයින්, පක්ෂීන් සහ ක්ෂීරපායීන් ඇතුළු ආවේණික ජීවී විශේෂ සඳහා සුරක්ෂිත අභය භූමියකි.

ඝන ශාක වැස්ම හේතුවෙන් යාල වැනි වියලි කලාපීය වනෝද්‍යාන මෙන් වන සතුන් මෙහි දී පහසුවෙන් දැක ගත හැකි නොව්. මෙහි දී අලි දැකගත හැකි . බහුලව ම දැකිය හැකි විශාල ම ක්ෂීරපායි ජීවියා වනුයේ, ශ්‍රී ලංකා අළු වඳුරා යි.

එක් ආශ්වාදජනක සංසිද්ධියක් වනු‌‌‍යේ පක්ෂීන් ‌‍බොහෝ විට ආහාර ‍‍සොයා යාම සඳහා සාමූහික රංචු වශ‌‍යෙන් හැසිරීමට ප්‍රවණතාවයක් දැක්වීම යි. මෙවැනි ‍රංචුවක් ‍‍බොහෝ විට මහ කවුඩා සහ රතු දෙමළිච්චා යන පක්ෂී විශේෂ වලින් සමන්විත වේ. මෙවැනි ‍රංචුවක පෙරමුණ ගන්නා මහ කවුඩා ප්‍රචණ්ඩකාරී පක්ෂියෙකු ලෙස ද රතු දෙමළිච්චා ඝෝෂාකාරී පක්ෂියෙකු ලෙසද ප්‍රචලිත ය. තවද ශ්‍රි පා සමය උදාවීමත් සමගම විවිධාකරයේ සමණලුන් දැකගත හැකි අතර බොහෝ පිරිස් පවසනුයේ සමණලුන් ශ්‍රිපා වන්දනා කරන බවයි.

ශ්‍රී පාද ලාංඡනය

 බුද්ධත්වයෙන් අටවැනි වර්ෂයේ දී, බුදුන්වහන්සේ ලංකාවට තෙවන වරට වැඩම කලේ කැළණියේ නා රජුගේ ආරාධනයක් අනුව ය. එම ගමනේ දී සුමන සමන් දෙවියන් ගේ ආරාධනයෙන් සමනොළ ගිර සිරිපද සළකුණ පිහිටුවන්නට ඇතැයි ‍බෞද්ධයෝ විශ්වාස කරති. ඒ අනුව වන්දනාමාන පූජෝපහාර දක්වති.

උඩ මළුව.jpg
ශ්‍රී පාද‍යේ සුන්දරත්වය.jpg

සම්බුදු සිරිපා වන්දනා කිරීමට යන සැදැහැවතුන් පසු කළ යුතු ස්ථාන කීපයකි. මකර තොරණ, ශීත ගඟුල, අහස් ගව්වග්, හැර මිටි පාන, ඉදිකටුපාන, ගෙත්තම්පාන, ධර්මරාජගල, ගෝන තැන්න, ඇහැතු කණුව, මහගිරි දඹය, සිරිපා මළුව හා සිරිපා පද්මය හා‍ දොලොස් මහේ පහන ආදියයි. සිරිපා මළුවට යන බැතිමත්හු සම්බුඳු සිරිපා වන්දනයෙන් පසු තමන් ගිය වාර ගණන අනුව ඝණ්ටාව නාද කිරීමට මහත් උනන්දුවක් දක්වති. එසේම හිරු සේවය නැරඹීමටද කවුරුත් දක්වන්නේ මහත් උනන්දුවකි.

රොබට් නොක්ස්ගේ විස්තරය

රොබට් නොක්ස්ගේ ග්‍රන්ථයේ මෙම ලාංඡනය "ආදම්" ගේ පා සටහන ලෙස වරදවා හඳුන්වා ඇත. බටහිර ජාතීන් ඒ නිසා සමනොළ ගිර "ඇඩම්ස් පීක්" (Adam's peak) යනුවෙන් හැඳින්වයි. නමුත් එය ආදම්ගේ පිය සටහනක් බව ලෝකයේ කිතුනුවෝ විශ්වාස නො කරයි. මුස්ලිම් භක්තික‍යෝ සමනළ සිරසේ "බබාද මලෙයි /ආදම් මලෙයි" යනුවෙන්ද භාවිතා කරති.

ශිව භක්තිකයෝ ශිව දෙවියන්ගේ පා සළකුණ එහි පිහිටා ඇතැයි විශ්වාස කරති. ඔවුන් එය හඳුන්වන්නේ "ශිවන් ඔලි පාදම්"යනුවෙනි.

නමුත් මෙහි සැබෑ අයිතිය සිංහල බෞද්ධයින් සතු බවට ඔවුන්ගේ වසර 2500 අධික ලිඛිත ඉතිහාසය මනාව පිරික්සා බැලිමේදි සදහන් වේ.

මුළු මහත් ලෝක වාසීන්ගේම ගෞරවාදරයට පාත්‍රවූ සමනළ කන්ද බෞද්ධ බැතිමතුන් ගේ මුදුන් මල් කඩ සේ සැළකෙයි."සප්ත කන්‍යා" නම් වූ කඳු හතකින් වට වූ "ශ්‍රී පාදය" සොබා දහම් මාතාව ගේ අපූර්වතම නිර්මාණයක් වනවා සේ ම ශ්‍රී ලංකාද්වීපයට ආශිර්වාදයක් වී තිබේ.

Comments