ථූපාරාමය පිළිබඳව විස්තර කිරීම 2 වසර බුද්ධ ධර්මය Thuparamaya Anuradapura Dedunu paradisaya


 බුද්ධාගම හඳුන්වාදීමෙන් පසු ශ්‍රී ලංකා‍වේ ඉදි කරන ලද පළමු චෙෙත්‍ය ථූපාරාමය යයි සළකනු ලැ‍බේ. ශ්‍රී ලංකා‍වේ වංශ කථාවල සඳහන් වන මුල්ම ‍චෙෙත්‍යද ‍මෙය යැයි සළකනු ලැ‍බේ. ස්ථූප සහ ආරාමය යන වචන එක්වීමෙන් ථූපාරාමය යන නම නිර්මාණය වී ඇත. ‍මෙම ස්ථානය සංඝයා වහන්සේලා වැඩ සිටි ආරාමයක් විය.

ඉතිහාසය

ශ්‍රී ලංකාවට බුද්ධාගම සහ ‍චෙෙත්‍ය වන්දනාව හඳුන්වා ‍දෙන ලද්දේ මහින්ද හිමියන් විසිනි. මහින්ද හිමියන් කරන ලද ඉල්ලීමක් පරිදි දේවානම්පිය තිස්ස රජු ථූපාරාමය චෙෙත්‍ය ඉදි ක‍ළේය. බුදුන් වහන්සේගේ දකුණු අකු ධාතුව ‍මෙහි නිදන් කර ති‍බේ. චෙෙත්‍ය ප්‍රථමයෙන්ම ගොඩනංවා ඇත්තේ ධාන්‍යාකාර හැඩයෙනි (වී ‍ගොඩක අකාර‍යෙනි). ‍මෙම දාගැබ වරින් වර විනාශ කිරීම් වලට ලක් විය. ‍දෙවැනි අග්බෝ රජ සම‍යේ එය සම්පූර්ණ‍යෙන්ම විනාශ වූ අතර රජතුමා විසින් නැවත ‍ගොඩනංවන ලදී. අපට වර්තමාන‍යේ දක්නට ලැබෙන්නේ ක්‍රි.ව. 1862 දී ‍ගොඩනැංවු දාගැබයි. එම නිසා දාගැබෙහි වර්ථමානයේ හැඩය ඝණ්ඨාකාර වේ. ‍ගෙවී ගිය ශත වර්ෂ ගණනාවක් මුළුල්ලේ කිහිප වරක් ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු අදට ‍පෙනෙන්නට තිබෙන ‍චෙෙත්‍යයේ ගර්භ‍යේ පාදම අඩි 59 (මී 18) විශ්කම්භයකින් යුතුය. 11 අඟල් 4 කි. (මී 3.45) විශ්කම්භය අඩි එකසිය හැට හතර හමාරකි. (මී.50.1) මළුවේ කළු ගල් අතුරා ඇත. ගල් කණු ‍පේලි 2 ක් දාගැබ වටා ඇත්තේය.

ගෘහ නිර්මාණ ශිල්පය

උස් වේදිකාවක් මත වටදාගෙයක් තුල මෙම චෙෙත‍ය ඉදිකර තිබී ඇත. වටදාගෙයහි දාගැබ වටා තිබූ බිත්තියත් ඊට ඉහලින් තිබූ පියස්සත් වර්තමානය වන විට අභාවයට ගොස් ඇති නමුත් පියස්ස දරා සිටි ගල්කණු පෙළි සතර තවමත් ආරක්ෂිතව පවතී. මෙම ගල් කණු පේළි සතර උසින් එකිෙනකට වෙනස් වේ. සෑම ඇතුල් පෙළකම ටැම් ඊට පිටත පෙළට වඩා උසින් වැඩිය. ගල් කණු සියල්ල අටපට්ටම් වර්ගයට අයත් එවා වේ. ටැම් හිස් වල ඇති කැටයම් ද එකිනෙනකට වෙනස්ය. පළමු හා දෙවන පේළි වල ටැම් හිස් ඝණ රුප වලින් ද තෙවන පේලිහි ටැම් හිස් පක්ෂී රෑප වලින් ද සිව් වන පේලිහි ටැම් හිස් මල් ලියකම් වලින් ද අලංකාර කර ඇත. නැගෙනහිර පිවිසුමට දකුණින් වන්දනාකරැවන්හේ පහසුව වෙනුවෙන් කුඩා පැන් දෙණියක් ඉදිකර ඇත. දාගැබට පිවිසීමට තනා ඇති පියගැට පෙළ හා ඒ දෙපස ඇති කොරවක්ගල්, මුරගල් හා සදකඩපහණ ද අලංකාර නිර්මාණ වේ. ථූපාරාමය අසල කැණීම් වලින් හමුවූ පාදෝණි තුලින් මෙහි පැවති ආරාමයක අංගසම්පූර්ණත්වය කියා පායි. පැරණි විහාරයක සභ්‍යත්වය කියාපාන පැරණි සිංහල කලාව අගය කල යුතු වන්නේය .

Comments